මෙම විකල්පය මඟින් අපට පුලුවන් අපි මූණු පොතට ඇතුල් වන සෑම අවස්ථාවකදීම අපගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන සේ සකසන්න. එම කෙටි පණිවිඩයෙන් ලබා දෙන රහස්‍ය අංකය ඇතුලත් කිරීමෙන් පමණයි ඔබේ ගිණුමට ඇතුල් විය හැකි වන්නේ. එම නිසා වෙනත් අයෙක් අයුතු ක්‍රමයකින් ඔබේ මුරපදය ලබා ගත්තත් ඔබේ ජංගම දුරකථනයට ලැබෙන රහස්‍ය අංකය නොමැතිව ඔවුන්ට ඔබේ ගිණුම පරිහරණය කරන්න කිසිසේත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි බලමු කොහොමද මේ Login Approvals ඔබේ ගිණුමේ සක්‍රීය කර ගන්නේ කියලා.
මුලින්ම ඔබේ ගිණුමේ Account Settings වලට පිවිසෙන්න. පහත රූපය බලන්න.

එවිට ලැබෙන පිටුවේ දකුනු පස ඇති මෙනුවෙන් Security යන විකල්පය තෝරන්න.




වැදගත්: ඔබේ වෙබ් බ්‍රව්සරයේ History සහ Cookies ස්වයංක්‍රීයව ඉවත් වීමට සැකසුම් සකස් කර ඇති නම් මෙම විකල්පය සක්‍රීය කිරීමේදී දෝෂ පණිවිඩයක් දිස් විය හැක. එසේ උවහොත් එම සැකසුම් ඉවත් කර හෝ පෙර නිමි සැකසුම් වලට පරිවර්ථනය කර මෙම පහසුකම සක්‍රීය කර ගන්න.
No comments:
Post a Comment