Sunday, May 27, 2012
ඔබේ පරිගණකය ආරක්ෂිතදැයි Online පරීක්ෂා කර ගන්න
Bitdefender කියන්නේ ප්‍රතිවෛරස මෘදුකාංග නිපදවන සමාගම් අතර ඉදිරියෙන්ම ඉන්න සමාගමක්. ඉතින් මේ සමාගමෙන් අලුත් ක්‍රමයක් හදුන්වා දීලා තියෙනවා අපේ පරිගණකය වෛරස ආසාදනයකට ලක් වෙලාද නැද්ද දැන ගන්න. ඒ තමයි ඔවුන්ගේ සර්වරයක් හරහා online අපේ පරිගණකය පරීක්ෂා කිරීම. වැඩේ නම් හොඳයි වගේ. පොඩ්ඩක් ඔයාලත් පරිගණකය පරීක්ෂා කරගෙනම බලන්නකෝ. තවත් වැදගත් දෙයක්. මම මේ සේවාව Maxthon වෙබ් බ්‍රව්සරයෙන් පරීක්ෂා කරන්න යද්දි හරි ගියේ නෑ. ඊට පස්සේ ගිණි නරියා තමා මාව ගොඩ දැම්මේ. ඔයාලගේ පරිගණකයත් පරීක්ෂා කර ගන්නවා නම් මෙතනින් යන්න. මගෙ බ්ලොග් එකේ මම මේ සේවාවට ගැජට් එකකුත් දැම්මා මතු ප්‍රයෝජනය සඳහා. ඕනි නම් ඒක භාවිතා කරන්නත් පුලුවන්.
විල් තෙරක දිස්නය දෙන තරු එළිය නුඹ
අඳුරු තිමිර පට
ඉරා දමනට
උණුහුමක් නැති නුඹේ සෙනෙහස
විල් තෙරේ දිස්නෙ දුන් මුත්
තරුවක් සේම
මගෙන් බෝ දුර
ගොස් බව දැණුනි මසිතට
කැලඹෙනා විල් දියේ
තරුව දිලෙනා නමුදු
හැඩතලය සොයන්නට
වාරු නැත මගෙ සිතට
උණුහුමක් ලැබුනි නම්
නුඹේ ඔය පපු තුරුලේ
ජීවිතේ සැනසුමක්
මගෙන් බෝ දුර වේද
තරු එළිය මා ලඟයි
නුඹ මසිතේ තරු වගෙයි
තරුව බෝ දුර නමුත්
නුඹෙ සුවඳ උණුහුමයි
Wednesday, May 16, 2012
How to uninstall hidden installs in Windows XP
In windows xp there are some programs such as Internet Explorer, MSN messenger, Windows media player, etc… that we can’t uninstall using control panel, add or remove programs option. These are called as ‘hidden installs’. But there are some other ways to uninstall these programs. This doc is about to describe that options.
1st Method
Go to folder
C:\windows\inf
Look for the file
sysoc.inf
Open that file using notepad. Several lines have “,hide,”
Take out the “hide” leave the “,,”
(Simply use the find option and use keyword “,hide,” and replace with “,,” )
Go to control panel, add or remove programs and see what’s in there…
2nd Method
This is the easy way. That’s why I kept it for last
Go to control panel, add or remove programs. There are some buttons on the left side of the window. Click on the bottom button, add / remove windows components. Clear the check boxes and click next. See what happened to the programs after restart..

Sunday, May 13, 2012
RAT සමඟ දුරස්ථ පරිගණකයකට සම්බන්ධ වීම
RAT යන නමින් අපි කෙටියෙන් හඳුන්වන්නේ Remote Administration Tool නම් වන මෘදුකාංගයි. මෙම මෘදුකාංග පරිගණක ජාලයක ඇති පරිගණක දුරස්ථව පාලනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. එමෙන්ම අවශ්‍ය නම් දුරස්ථව ඇති පරිගණකය භාවිතා කරන පරිශීලකයාගේ සියලුම කටයුතු නිරීක්ෂණය කිරීමටද හැකියාව පවතිනවා. බොහෝ විට විශාල සමාගම් මෙම මෘදුකාංග තම සමාගමේ සේවකයින්ගේ පරිගණක කටයුතු නිරීක්ෂණයට හා දෝශ නිරාකරණයට උපයෝගී කර ගන්නවා. මෙමගින් ලබා ගත හැකි ප්‍රයෝජන රාශියක් තිබෙනවා.
ඉතින් කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ මෘදුකාංග භාවිතා කරලා වෙන කෙනෙක්ගේ පරිගණකයක් Hack කරන්න පුලුවන් නේද කියලා. එහෙම කරන්න පුලුවන් මෘදුකාංග තියෙනවා. නමුත් මම කලින් සඳහන් කරපු මෘදුකාංග ස්ථාපනය කරන්න සහ අදාල සැකසුම් සකස් කරන්න පරිපාලක බලතල (Administrator privileges) තියෙන්න ඕනි. ඉතින් Administrator මුරපදය තමාට පමණක් සීමා කර ගැනීම තමාගේ පරිගණකයේ ආරක්ෂාවට කොතරම් වැදගත්ද
Radmin මෘදුකාංගය භාවිතා කරන්න ඕනි නම් මෙතනින් ගිහින් ගන්න. දවස් 30ක අත්හදා බැලීමේ සංස්කරණයක් තියෙනවා. Team Viewer මෘදුකාංගය ඕනි නම් මෙතනින් ගන්න. මේ මෘදුකාංගයේ වාණිජ සහ නොමිලේ ලබා දෙන සංස්කරණ තියෙනවා. අවශ්‍ය නම් ස්ථාපනය නොකර භාවිතා කරන්න පුලුවන්.
- දුරස්ථව පරිගණක දෝශ නිරාකරණය කිරීමට හැකි වීම
- පරීශීලකයන්ගේ පරිගණක භාවිතය සජීවී ලෙස නිරීක්ෂණය (Real Time Monitoring) කළ හැකි වීම
- දෝශ නිරාකරණ කණ්ඩායම් කේන්ද්‍රගත කිරීමට හැකිවීම (Centralization of IT Help)
- දෝශ නිරාකරණ කණ්ඩායම් කේන්ද්‍රගත කිරීම මගින් අවම භෞතික හා මානව සම්පත් ප්‍රමාණයක් උපරිම කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනයට ගත හැකි වීම
ඉතින් කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ මෘදුකාංග භාවිතා කරලා වෙන කෙනෙක්ගේ පරිගණකයක් Hack කරන්න පුලුවන් නේද කියලා. එහෙම කරන්න පුලුවන් මෘදුකාංග තියෙනවා. නමුත් මම කලින් සඳහන් කරපු මෘදුකාංග ස්ථාපනය කරන්න සහ අදාල සැකසුම් සකස් කරන්න පරිපාලක බලතල (Administrator privileges) තියෙන්න ඕනි. ඉතින් Administrator මුරපදය තමාට පමණක් සීමා කර ගැනීම තමාගේ පරිගණකයේ ආරක්ෂාවට කොතරම් වැදගත්ද
Radmin මෘදුකාංගය භාවිතා කරන්න ඕනි නම් මෙතනින් ගිහින් ගන්න. දවස් 30ක අත්හදා බැලීමේ සංස්කරණයක් තියෙනවා. Team Viewer මෘදුකාංගය ඕනි නම් මෙතනින් ගන්න. මේ මෘදුකාංගයේ වාණිජ සහ නොමිලේ ලබා දෙන සංස්කරණ තියෙනවා. අවශ්‍ය නම් ස්ථාපනය නොකර භාවිතා කරන්න පුලුවන්.
Thursday, May 3, 2012
මූණු පොතේ යතුර සාක්කුවේ දාගෙන යමු
මූණු පොතේ ආරක්ෂාව වැදගත් වෙන හේතු ගැනත්, මුරපද සොරා ගත හැකි ක්‍රම ගැනත්, ඒ සඳහා පිලිපදින්න ඕනි සරල ආරක්ෂක උපක්‍රම ගැනත් මම මීට කලින් ලිපියකදි කථා කලා. ඕනි නම් ඒ ලිපිය මෙතනින් බලලම එන්න. ඉතින් මේ මූණු පොත ගොඩක් අය භාවිතා කරන්න පටන් ගත්තම මේ සම්බන්ධ අක්‍රමිකතා වර්ධනය වූ නිසා එම වෙබ් අඩවිය මගින්ම මේ අක්‍රමිකතා වලක්වන්න විවිධ ආරක්ෂක උපක්‍රම හඳුන්වා දුන්නා. එහෙම හඳුන්වා දුන් ඉතාමත් වැදගත් විකල්පයක් තමයි Login Approvals කියලා හඳුන්වන්නේ.
මෙම විකල්පය මඟින් අපට පුලුවන් අපි මූණු පොතට ඇතුල් වන සෑම අවස්ථාවකදීම අපගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන සේ සකසන්න. එම කෙටි පණිවිඩයෙන් ලබා දෙන රහස්‍ය අංකය ඇතුලත් කිරීමෙන් පමණයි ඔබේ ගිණුමට ඇතුල් විය හැකි වන්නේ. එම නිසා වෙනත් අයෙක් අයුතු ක්‍රමයකින් ඔබේ මුරපදය ලබා ගත්තත් ඔබේ ජංගම දුරකථනයට ලැබෙන රහස්‍ය අංකය නොමැතිව ඔවුන්ට ඔබේ ගිණුම පරිහරණය කරන්න කිසිසේත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි බලමු කොහොමද මේ Login Approvals ඔබේ ගිණුමේ සක්‍රීය කර ගන්නේ කියලා.
මුලින්ම ඔබේ ගිණුමේ Account Settings වලට පිවිසෙන්න. පහත රූපය බලන්න.

එවිට ලැබෙන පිටුවේ දකුනු පස ඇති මෙනුවෙන් Security යන විකල්පය තෝරන්න.
එම පිටුවේ Login Approvals යන්න තෝරා මීලඟ පියවරයන් ඉදිරියට යන්න. ඔබේ දුරකථන අංකයට ලැබෙන රහස්‍ය අංකය පහත රූපයේ ඇති හිස් කොටුව තුලට ඇතුලත් කරන්න.
ඔබේ සැකසුම් සාර්ථක නම් පහත ආකාරයේ සංවාද කොටුවක් ඔබට දක්නට ලැබේවි.
ඒ වගේම Security Settings මෙනුවේදී පහත ආකාරයට දකින්න ලැබේවි.

වැදගත්: ඔබේ වෙබ් බ්‍රව්සරයේ History සහ Cookies ස්වයංක්‍රීයව ඉවත් වීමට සැකසුම් සකස් කර ඇති නම් මෙම විකල්පය සක්‍රීය කිරීමේදී දෝෂ පණිවිඩයක් දිස් විය හැක. එසේ උවහොත් එම සැකසුම් ඉවත් කර හෝ පෙර නිමි සැකසුම් වලට පරිවර්ථනය කර මෙම පහසුකම සක්‍රීය කර ගන්න.
මෙම විකල්පය මඟින් අපට පුලුවන් අපි මූණු පොතට ඇතුල් වන සෑම අවස්ථාවකදීම අපගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන සේ සකසන්න. එම කෙටි පණිවිඩයෙන් ලබා දෙන රහස්‍ය අංකය ඇතුලත් කිරීමෙන් පමණයි ඔබේ ගිණුමට ඇතුල් විය හැකි වන්නේ. එම නිසා වෙනත් අයෙක් අයුතු ක්‍රමයකින් ඔබේ මුරපදය ලබා ගත්තත් ඔබේ ජංගම දුරකථනයට ලැබෙන රහස්‍ය අංකය නොමැතිව ඔවුන්ට ඔබේ ගිණුම පරිහරණය කරන්න කිසිසේත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි බලමු කොහොමද මේ Login Approvals ඔබේ ගිණුමේ සක්‍රීය කර ගන්නේ කියලා.
මුලින්ම ඔබේ ගිණුමේ Account Settings වලට පිවිසෙන්න. පහත රූපය බලන්න.

එවිට ලැබෙන පිටුවේ දකුනු පස ඇති මෙනුවෙන් Security යන විකල්පය තෝරන්න.

වැදගත්: ඔබේ වෙබ් බ්‍රව්සරයේ History සහ Cookies ස්වයංක්‍රීයව ඉවත් වීමට සැකසුම් සකස් කර ඇති නම් මෙම විකල්පය සක්‍රීය කිරීමේදී දෝෂ පණිවිඩයක් දිස් විය හැක. එසේ උවහොත් එම සැකසුම් ඉවත් කර හෝ පෙර නිමි සැකසුම් වලට පරිවර්ථනය කර මෙම පහසුකම සක්‍රීය කර ගන්න.
Subscribe to:
Posts (Atom)